මෙරට සියළුම ගංඟා සඳහා සංරක්ෂිත කලාප නම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
රට තුළ ගංඟා 103ක් පවතින අතර ඒවාට අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 10,700කට වඩා පවතින බවට මධ්‍යම පරිසර අධිකාරිය නිරීක්ෂණය කර ඇති බවයි පරිසර අමාත්‍යාංශය සදහන් කළේ.
මෙතෙක් කිසිදු ගංඟාවකට ගංඟා සංරක්ෂිත කලාප නම් කර නොමැතිවීම හේතුවෙන් විවිධ පුද්ගලයින් නිවාස, ව්‍යාපාරික ස්ථාන හා වගාවන් සඳහා ගංඟා ආශ්‍රිත ඉඩම් අත්පත් කරගෙන සිටින බවට ද තහවුරු වී තිබෙනවා.
ඒ අනුව ගංඟා ඉවුරු ආශ්‍රිත ඉඩම් අත්පත් කරගෙන සිටින පිරිස් ඉන් ඉවත් කිරීමටත්, ගංඟාවක සිට මීටර් 150ක් තරම් දුරින් කිසිදු ඉදිකිරීම් කටයුත්තක් හෝ වගාවන් සිදුකිරීම වළක්වාලමින් ගංඟා සංරක්ෂිත කලාප ඉදිරියේදී නම් කිරීමට නියමිත බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ.




