ඊයේ (10) මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,624 දෙනෙකු හදුනාගත් අතර ඉන් වැඩිම සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 551 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතර දිවුලපිටියෙන් හඳුනාගත් ආසාදිතයින් 120ක්, සීදුවෙන් හඳුනාගත් ආසාදිතයින් 63ක් සහ කටාන ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයින් 58 දෙනෙකු ද වනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 362ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 321 දෙනෙකු ඊයේ වාර්තා වී තිබෙනවා. ඊට අමතරව නුවරඑළියෙන් ආසාදිතයින් 184 ක්, කුරුණෑගලින් ආසාදිතයින් 177 ක්, ගාල්ලෙන් ආසාදිතයින් 170 ක්, රත්නපුරයෙන් ආසාදිතයින් 128 ක් සහ යාපනයෙන් ආසාදිතයින් 109 ක් හඳුනාගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.




