Header Ads

උණුසුම් පුවත්

අන්තර් පළාත් බස් රථ සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට නවතියි.- බස් රථ සඳහා සහන ලබාදීමට පියවර


අන්තර් පළාත් ලංකා ගමනා ගමන සහ පෞද්ගලික බස් රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ, අත්‍යවශ්‍ය සේවා සඳහා බස්රථ යොදා ගන්නා ආකාරය පසුව දැනුම් දීමට නියමිත බවයි.

එමෙන්ම පීඩාවට පත්වන අන්තර් පළාත් මගී බස් රථ සඳහා සහන ලබාදීමට ඊයේ (10) රැස්වුණු කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුව මීට පෙර 2021 මාර්තු 31 වනදා දක්වා ලබාදීමට නියමිතව තිබූ වාර්ෂික ටෙන්ඩර් ගාස්තුවෙන් සහ අධිවේගී මාර්ගයේ තාවකාලික අවසර පත්‍ර ගාස්තුවෙන් 50% බැගින් අය කිරීමට ගත් තීරණය 2021 සැප්තැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.