Header Ads

උණුසුම් පුවත්

ජාතික රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් 14කට කොවිඩ්


රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

විකිරණ විද්‍යා තාක්ෂණිවේදීන්ගේ සංමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සදහන් කළේ කොවිඩ් අවදානමට මුහුණදීම සඳහා ප්‍රමාණවත් පහසුකම් ලබා නොදීමට එරෙහිව එම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

එමෙන්ම දිවයින පුරා විකිරණ විද්‍යා තාක්ෂණිවේදීන් 18 දෙනෙක් ආසාදිත වී ඇති බවත් ජාතික රොහලේ පමණක් ආසාදිතයින් 14 දෙනෙක් හඳුනාගෙන ඇති බවත් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කරයි.

ඔවුන්ට වෙනම රෝහල් වාට්ටුවක් ලබා දෙන ලෙසත් එසේ නොමැති නම් නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටීයා.