උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග යළිත් කල් දැමීමට තීරණය කර ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කළා. එ අනූව දැනට තීරණය කර ඇති දින තුළම එම විභාග පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාව බව ලේකම් වරයා සදහන් කළා.
එමෙන්ම පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාර්ගගත ඉගෙනුම් ක්‍රමයෙන් බැහැර විකල්ප වැඩපිළිවෙලක් කෙරෙහි අවදානය යොමුව ඇති බවයි. අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළේ අන්තර්ජාල පහසුකම් සහ යෙදවුම් සෑම පාසල් දරුවෙකුටම එක ලෙස නොපවතින බැවින් මාර්ගගත අධ්‍යාපනයට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගෙන එම පියවර ගන්නා බවයි.