Header Ads

උණුසුම් පුවත්

දින 14ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරය යන ප්‍රචාර අසත්‍යයි


දින 14ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරය යන ප්‍රචාර අසත්‍ය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, එවැනි කිසිදු තීරණයක් මේ වන තෙක් ගෙන නොමැති බවයි.

ලබන ජුනි 01 වනදා සිට දින 14ක කාලයක් රට වසාදමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියා.