Header Ads

උණුසුම් පුවත්

තවත් කොවිඩ් මරණ 38ක් වාර්තාවෙයි.


තවත් කොවිඩ් මරණ 38ක් මෙරටින් වාර්තාවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,089ක් දක්වා ඉහළ ගොස් ඇත.

2021 මැයි 7 වන සිට මැයි 20 දක්වා වු කාලය තුළ එම රෝගීන් මියගොස් තිබේ.

මියගිය පුද්ගලයින් උඩුකිඳ, ලුණුගල, බලංගොඩ, කටුනායක, බාඳුරුගොඩ, කොච්චිකඩේ, මීගමුව, තලාතුඔය, බණ්ඩාරකොස්වත්ත, බොරැල්ල, පාදෙණිය, තෝරයාය, පොල්ගහවෙල, ගල්ගමුව, සියඹලාපේ, මතුගම, එතැනවත්ත, නාවලපිටිය, කුරුණෑගල, යටියන්තොට, බෙලිහුල්ඔය, නෑබඩ, කැකුණුගොල්ල, නිකවැරටිය, වරකාපොළ, අම්පිටිය, මාරස්සන, රජවේල්ල, උඩිස්පත්තුව හා හබරාදුව යන ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

මියගිය පිරිසෙන් 19ක් කාන්තාවන් වන අතර 19ක් පිරිමි පුද්ගලයින් වේ.

මියගිය අය අතර 24 දෙනෙකු වයස අවුරුදු 77 ඉක්මවු පුද්ගලයින් වන අතර, වයස අවුරුදු 61 - 70ත් අතර පුද්ගලයින් 10ක් සිටී.

වයස අවුරුදු 51 - 60ත් අතර එක් අයෙක් ද, වයස අවුරුදු 41 - 50ත් අතර එක් අයෙක් හා වයස අවුරුදු 31 - 40ත් අතර පුද්ගලයින් දෙදෙනෙක් වේ.

මොවුන්ගේ මරණවලට මුලික හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාව, දියවැඩියාව, හෘද රෝග ඇතුළු නිදන්ගත රෝග ආශ්‍රිත සංකූලතා වන බව සඳහන් ය.