චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාදුන් කිසිවෙකුටත් මෙතෙක් කිසිදු අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඒ අනුව මේ වන විට පුද්ගලයින් 71,203කට සයිනොෆාම් එන්නත ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ (11) දිනයේ පුද්ගලයින් 65,803 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබේ.
සයිනොෆාම් එන්නත පුද්ගලයින් 50,493 දෙනෙකුට, ස්පුට්නික් V එන්නත පුද්ගලයින් 5,460 දෙනෙකුට ඊයේ දිනයේ ලබා ඇති අතර කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රා ද ඊයේ පුද්ගලයින් 9,850 දෙනෙකුට ලබා දුන් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඒ අනුව මේ වන විට මෙරට පුද්ගලයින් 1,007,783 දෙනෙකුට කොවිඩ් මර්දනය සඳහා වන පළමු එන්නත් මාත්‍රාව ලබාදී තිබේ.