කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් පිංකම් තම නිවෙස්වලට පමණක් සීමාවෙමින් පවත්වන ලෙස තෛනිකායික මහනාහිමිවරු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරති.
මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවේ ශ්‍රී සුමංගල හිමි, අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමි, අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි හිමි සහ රාමඤ්ඤය නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමලාබිධාන හිමි යන තෛනිකායක මහනාහිමිවරුන් සිය වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුගතව තම තමන්ගේ නිවෙස් තුළම රැදී සිටිමින් ප්‍රතිපත්ති පූජාවන් හි නිරතවීම යෝග්‍ය බව තෛනිකායික මහනාහිමිවරු සඳහන් කරති.
මේ අතර කොවිඩ් -19 අවදානම හේතුවෙන් රාජ්‍ය වෙසක් උත්සවය සහ වෙසක් පෝයදින වැඩසටහන් අවලංගු කිරිමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පියවර ගනු ලැබීය.