ශ්‍රී ලංකාව තුළ තුල මේ වනවිට උද්ගතව ඇති කෝවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කොවිච් 19 වසංගතය පැතිරයාමේ වත්මන් අර්බුදකාරී තත්වය පිළිබඳව එහිදී ජනාධිපතිවරයාගේ දැඩි අවධානයට යොමුකර තිබෙනවා.
මේ වනවිට කොවිච් 19 රෝගය වැළඳී ඇතැයි නිරණය කෙරෙන රෝගීන්ගේ සංඛ්‍යාව හා ඊට අදාළ මරණ සංඛ්‍යාවද වේගයෙන් ඉහළ යමින් පවතින අතර ප්‍රජාව තුළ රෝග නිර්ණය කරන ලද සංඛ්‍යාව මේ වන විට අවම වශයෙන් තුන් ගුණයකින් පමණ වැඩිවී ඇති බව දැනගන්නට ලැබීම ඉතා ඛේදනීය තත්වයක් බව ඔවුන් පෙන්වා දෙනවා. සියලුම සෞඛ්‍ය සේවාවල ඇඳන් හා සෞඛ්‍යාරක්ෂණ පහසුකම් කොවිච් 19 රෝගීන් විසින් වේගයෙන් භාවිත කෙරෙමින් පවතින බව පෙනීයාමත් සමග සියලුම සෞඛ්‍ය සම්පත් උපරිම මට්ටමෙන් භාවිතයට ගැනෙමින් පවතින බවද අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු.
ඔක්සිජන් අවශ්‍යතා ප්‍රමාණය ඉතා වේගයෙන් ඉහළ යමින් පවති අතර දැඩි සත්කාර ඒකක හා රෝහල් ඇඳන් සඳහාද පොරොත්තු ලේඛන වල රැදී සිටීමේ තත්වයක් ද උගතවී තිබේ. නොබෝ කලකින්ම කොවිච් 19 ආපදාව පෙර නොවූ විරූ තරම් ප්‍රමාණයකින් වැඩිවීමේ අවදානමකට මුහුණදීමට අපට සිදුවේ. කුමන රෝගියාට ප්‍රතිකාර ලබාදෙන්නේ ද, රෝගයට ගොදුරු වූ කුමන රෝගියා මියයාමට ඉඩ හරින්නේ ද යන තීරණවලට පවා එළඹීමටද ඉදිරියේදී සිදුවනු ඇතිබව ඔවුන් පෙන්වාදී තිබෙනවා.