Header Ads

උණුසුම් පුවත්

අලි ශබ්රි රහීම් සහ ඉෂාක් රහුමාන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි


කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දීම හේතුවෙන්  සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අලි සබ්රි රහීම් සහ ඉෂාක් රහුමාන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. 

මෙම පක්ෂයේ නායකත්වය දරන්නේ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් වන අතර  සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ මොවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී ඉදිරියේදී තීරණය කරන බවයි.