Header Ads

උණුසුම් පුවත්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික "ඌරුජුවා" පොලිස් වෙඩි පහරින් මරුට


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික "ඌරුජුවා" කඩුවෙල වඳුරමුල්ල ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු එම ස්ථානයට ගෙන ගොස් ඇති අතර එහිදී ඇතිවූ සිද්ධියකින් ඔහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.