Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීති කැඩූ 1000කට අධික පිරිසක් අත්අඩංගුවට.


ඊයේ  1047ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම සංඛ්‍යාව මෙය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා සඳහන් කළා. ඒ අනුව නිරෝධායන නීතිය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා කාලය තුල පුද්ගලයින් 19,102ක් එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.