Header Ads

උණුසුම් පුවත්

ඩී. එස්. ඉඩමේ ව්‍යාපෘතිය නවතයි.

කොළඹ, ඩී.එස් සේනානායක විද්‍යාලය ආශ්‍රිතව සිදුකිරීමට නියමිතව තිබූ ව්‍යාපෘතිය  නවතා දැමීමට උපදෙස් දුන් බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පවසුවා.

විද්‍යාලයට අයත් ඉඩමක නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් ඉදිකිරීමට නියමිතව තිබූ වාහන අංගනයක් සැකසීමේ  ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ ද උපදෙස් පරිදි  මෙසේ  නවතා දැමීමට උපදෙස් දුන් බව  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු  මහතා මේ බව පැවසුවා.

"ඩී.එස් සේනානායක විද්‍යාලය සතු ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට යනවා“ යැයි මාධ්‍ය ඔස්සේ පළ වු වාර්තා අසත්‍ය බව ද එය වැරදි ලෙස මාධ්‍ය භාවිතා කිරීම නිසා සිදුවූවක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියාසිටියි.

ඩී.එස් සේනානායක විද්‍යාලයට අයත් ඉඩම් කොටසක් සහ විද්‍යාලයට යාබඳව පිහිටා ඇති විහාරස්ථානය සතු ඉඩම් කොටස එකතු කර පචර්ස් 100ක භූමියක් පුරා එම ව්‍යාපෘතිය සිදුකිරීමට නියමිතව තිබු බව ද , එය විද්‍යාලය වෙනුවෙන් ම සිදුකිරීමට ගිය එහි  ප්‍රතිලාභ නැවත ඩී.එස් සේනානායක විද්‍යාලයට ලැබෙන ව්‍යාපෘතියක් බවත් තවදුරටත් ඒමහතා පවසා  සිටියා.