මොහු විසින් පුන පුනා නැවතත් කියා සිටියේ ජනතාවගේ කිසිදු මුදලක් මේ සඳහා වැය නොවූ බවත් මේ මුදල් ඉන්දීය රජය රජයේ පරිත්‍යාගයක් බවත්ය.
ඔහු ප්‍රකාශ කර සිටියේ සුවසැරිය ආරම්භ කළ දින පටන් අභියෝග වලට මුහුණ දුන් බවත් එම අභියෝගයන්ට නොබියව මුහුණ දුන්නේ හුදෙක්ම මෙරට ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් බව මාගේ හෘද සාක්ෂිය දන්නා නිසා බවත්ය.
මෙතුමා විසින් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම ගිලන් රථ ලංකාවට ලැබුණේ ඉන්දීය රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 22.7ක යළි නො ගෙවිය යුතු ප්‍රදානයක් ලෙසයි.මේ පිළිබඳ පුවක අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන් මෙසේ පැවසීමට හේතුව වී ඇත්තේ වර්තමාන රජය විසින් ගිලන්රථ දහයක් ගැනීමට යාමේදී මා එහි මිල වැඩි යැයි පැවැසීම යැයි පැවැසීම නිසා යැයි ඔහු පවසයි.
සුවසැරිය සියලු උපකරණ සහිතව මිලදී ගැනීම සඳහා ලක්ෂ පනස් හතරක මුදලක් පමණක් වැය වූ බවත් වර්තමාන රජයට එක් ගිලන් රථයක් මිලදී ගැනීමට ලක්ෂ එකසිය 194 ක මුදලක් වැය වන බවයි.
ගිලන්රථ උපකරණ මිලදී ගැනීමට,ප්‍රධාන ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවීමට,සියලු කාර්ය මණ්ඩලය ඉන්දියාවේ හා ලංකාවේ පුහුණු කිරීමට,2018 මැද භාගය දක්වා සියලු සේවකයන්ගේ වේතන ගෙවීමට හා ගිලන්රථ නඩත්තු කිරීම වැනි දේ ඉන්දීය රජය විසින් ලබාදුන් ඩොලර් මිලියන විසි 2.7 ක මුදලින් අදියර 2ක් යටතේ සිදුකළ බව මෙතුමා පැවසීය.
හර්ෂ ද සිල්වා මහතා වැඩිදුර ප්‍රකාශ කරමින් කියා සිටින්නේ සුවසැරිය ආරම්භ කළ අවස්ථාවේ ගිලන් රථයක් මිලදී ගෙන තිබෙනුයේ රුපියල් ලක්ෂ තිහකට බවත් බවත් දැනට තිබෙන විනමය විනමය අනුපාතය අනුව බැලුවත් මෙයට රුපියල් ලක්ෂ හැත්තෑවකට වඩා වියදමක් නොවන බවත්ය.