Header Ads

උණුසුම් පුවත්

කොරෝනා සහ ඩෙංගු ලක්ෂණ සමානයි


කොරෝනා සහ ඩෙංගු යන වෛරස දෙකෙහිම රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා පවසනවා.

මෙම රෝග දෙකේ ම උණ, මාංශ පේශී හෝ ශරීර කැක්කුම් වැනි රෝග ලක්ෂණ පවතින නිසා නිවසේ සිට වෙනත් රෝගයක් යැයි උපකල්පනය නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැනටමත් යම් කිසි රෝගයකින් පෙළෙන අයෙකුට වෙනත් වෛරසයක් ආසාදනය වුවහොත් තත්වය බරපතල වන බවත් විශේෂයෙන් ඩෙංගු රෝගියෙකුට කෝවිඩ් ආසාදනය වූ විට සංකුලතා ඇති වීමේ ඉහළ ප්‍රවනතාවක් ඇති බවත් වෛද්‍යවරයා පැවසීය.

ඒ අනුව ඉහත රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවන ලෙසත් නිවසේ රැඳී සිටීමෙන් තත්වය නරක අතට හැරීමට ඉඩ ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා දන්වා සිටිනවා.