Header Ads

උණුසුම් පුවත්

අත්‍යවශ්‍ය සේවාවලට කොළඹට ඇතුළු වන වාහන වලට විශේෂ ස්ටිකරයක්


කොළඹ නගරයට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව අද සිට එක් දිනකට පමණක් වලංගු විශේෂ   ස්ටිකරයක් හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන්  කලේ, සංචාරණ සීමා කාලයේ එක ම වාහනයක් නැවත නැවත පරික්ෂා කිරීම වැළැක්වීම සඳහා මෙම ස්ටිකරය හඳුන්වා දෙන බවයි.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන වාහන දැඩි පරීක්ෂාවට ලක් කර එක් ස්ථානයකදී අදාළ  ස්ටිකරය අලවන අතර එය ඇලවීමෙන් පසු එදිනට පමණක්  අදාළ වාහනයට ගමන් කිරීමේ හැකියාව තිබේ.