Header Ads

උණුසුම් පුවත්

පවුල් 1100 කට විකල්ප නිවාස


රජයේ සංවර්ධන ක්‍රියාවලිය හේතුවෙන් ඉඩම් අහිමි වන පවුල් 1100 කට විකල්ප නිවාස ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා ඉදිකිරීමට නියමිත කණු මත සාදන මංතීරු හතරකින් යුත් අධිවේගී මාර්ගය සඳහා අවශ්‍ය ඉඩම්වල මෙන් ම දෙමටගොඩ ක්‍රීඩාංගණය ඉදිකිරීමට නියමිත ඉඩමේ අනවසරයෙන් පදිංචි වී සිටින පවුල් සහ අනුපවුල් ගණනාවක් ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ අනුව මෙම පවුල්වල ජනතාවට අවශ්‍ය විකල්ප නිවාස කොළොන්නාව හේනමුල්ල සහ මාළිගාවත්ත යන ප්‍රදේශවල නාගරික සංවර්ධන අධිකාරය විසින් ඉදිකරනු ලබන මහල් නිවාසවලින් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.