ඇගලුම ආයතන සහ වෙළෙඳ කලාපවල නිරෝධායන නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවන බවත් එයට කම්කරු ඇමතිවරයා වගකිවයුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසනවා.
එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කියාසිටියේ ඇගලුම් කම්හල් සහ වෙළෙඳ කලාප ආශ්‍රිතව විශාල ලෙස රෝගීන් වාර්තා වන බවයි.
එයට ගම්පහ දිස්ත්‍රික්කය හොදම උදාහරණය බව ඔහු කියා සිටියා
සියලු පුද්ගලික සමාගම් කෙසේ හෝ තම ආයතනයේ ලාබය ගැන හිතමින් නිරෝධායනය නීති නොසලකා වැඩ කරන බවද ඔහු පැවසුවා
සිය පක්ශ කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
වැඩ්දුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා කියා සිටියේ රෝගීවන එම සේවකයන්ට සති දෙකක අඩ වැටුප් ගෙවන ලෙස කම්කරු ඇමතිවරයා නියෝග කර ඇති බවයි.
එය ඉතා අසධාරන බව පෙන්වාදුන් ඔහු මේ සම්බන්ධ කඩිනමින් විසදුමක් අවශය බවද සදහන් කලා.