Header Ads

උණුසුම් පුවත්

කොරෝනා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට


කොරෝනා රෝග, තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවට අද  (8 )ඉදිරිපත් කළා.

ඒ කොවිඩ්  වසංගත සමයේදී ජනතාවට සහන සැලසීම සහ  අධිකරණ කටයුතු යථාවත්ව පවත්වාගෙන යෑමට අදාළ නව නීති ප්‍රතිපාදන ඇතුළත්වයි. 

මෙම පනත් කෙටුම්පත ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතවනවා.

මේ අතර වද  දීමට සහ අනෙකුත් කෲර අමානුෂික හා නින්දිත සැලකීමට හෝ  දඬුවම් වලට එරෙහි වූ සම්මුති සංශෝධන පනත් කෙටුම්පතද අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළා