Header Ads

උණුසුම් පුවත්

ඇස්ට්‍රාසෙනිකා ලක්ෂ 06ට ජපානයෙන් සුබවාදී ප්‍රතිචාර

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් (Yoshihide Suga) කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමි ව තිබෙනවා.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් (Yoshihide Suga) කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමි ව තිබෙනවා.
 
ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා (Sugiyama Akira) මහතා අතර අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී  මේ බව සඳහන් කෙරුනා.
 
කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද ජපාන රජයේ එකඟතාව පළ වී තිබේ.
එසේම සමුද්‍රීය අනතුරු පිළිබඳ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීම කෙරෙහි ද ජනාධිපතිවරයා  ජපාන තානාපතිවරයාගේ අවධානයට යොමු කර තිබෙනවා