සමගි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනාම පක්ශයෙන් ඉවත් කරන බව එම පක්ශය පවසනවා.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා කියාසිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව එම තීරණය ක්‍රියාත්මක කරන බවයි.
පක්ෂයට විරුද්ධව ක්‍රියාකරන පිරිස්වලට නීතිය හමුවේ අත්වන ඉරණම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් හොඳින්ම පෙන්නුම් කරන බවත්පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වලකන ලෙස එම පළාත් පාලන මන්ත්‍රීවරුන් ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කල බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
පක්ෂයෙන් පලවා මහ නගර සභා, නගර සභ ප්‍රදේශීය සභා හරින මන්ත්‍රීවරුන් වෙනුවට නවක මන්ත්‍රීවරුන් වහාම පත් ලෙස පක්ෂ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.