Header Ads

උණුසුම් පුවත්

සිනොවැක් එන්නත් මිලියන 13ක් නිපදවීම අරඹයි


මේ වසරේ ජූලි මාසයේදී  කොරෝනා වයිරසයට එරෙහි සිනොවැක් (Sinovac) එන්නත් මාත්‍රා මිලියන 13ක් නිපදවීම ශ්‍රීලංකාවේ ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසනවා.

ඔහු කියා සිටියේ එම නිෂ්පාදන ක්‍රියාවලියට අනුව පළමු එන්නත සැප්තැම්බර් මාසය වන විට සූදානම් වන බවයි.

කොළඹදී පැවැත්වෙන ශ්‍රී ලංකා ආයෝජන සංසදය අමතමින් එස්.ආර්. ආටිගල මහතා මේ බව ප්‍රකාශ කළා.

එසේම ලේකම්වරයා කියාසිටියේ ශ්‍රී ලංකාව වසරකට ඩොලර් මිලියන 400ත් 500ත් අතර මුදලක් ඖෂධ සඳහා
වැය කරන බවත් පසුගිය මාස 12-18 කාලයේ ඖෂධ වර්ග 40ක් පමණ දේශීයව නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවයි