මෙරට උසස් අධ්‍යාපන අංශයට තවත් විශ්වවිද්‍යාලයක් එක්ව තිබෙනවා.
ඒ අනුව එලබෙන අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
විශ්වවිද්‍යාල පනතේ බලතල ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපය ජුලි මස 31 වන දින සිට අවලංගු කෙරෙන බව ද එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
ව්‍යාපාර අධ්‍යයන පීඨය මූල්‍ය හා ගිණුම්කරණ හා ඉංග්‍රීසී භාෂාව ඉගැන්වීම, ව්‍යාපෘති කළමනාකරණ, මානව සම්පත් කළමනාකරණ, අලෙවි කළමනාකරණ, ව්‍යාපාර ආර්ථික විද්‍යාව හා කළමනාකරණ සහ ව්‍යවසායකත්ව යන අධ්‍යයන අංශයන්ගෙන් මෙම විශ්ව විද්‍යාලය සමන්විත වනවා.
ව්‍යවහාරික විද්‍යා පීඨය, භෞතික විද්‍යා හා ජීව විද්‍යා අධ්‍යයන අංශයන්ගෙන් ද තාක්ෂණික අධ්‍යාපන පීඨය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අධ්‍යයන අංශයෙන් ද සමන්විත වන බව අධ්‍යාපන අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සදහන් .