Header Ads

උණුසුම් පුවත්

පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට ජන්දහිමි නාම ලේඛණවල තොරතුරු ගන්නේ මෙහෙමයි

2022 වසරේදී පළමු ශ්‍රේණිය සිසුන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ජන්දහිමි නාම ලේඛණවල තොරතුරු ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනවා.

2022 වසරේදී පළමු ශ්‍රේණිය සිසුන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ජන්දහිමි නාම ලේඛණවල තොරතුරු ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනවා.

කොමිෂන් සභාව සඳහන් කලේ මීට අමතරව ජන්දහිමි නාම ලේඛණවල තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ http://www.elections.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි.

2022 වසරේ පළමු ශ්‍රේණිය සිසුන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය 2016, 2017, 2018, 2019, සහ 2020 යන වසරවල ජන්දහිමි නාම ලේඛණවල තොරතුරු එලෙස ලබාගත් පසුව ඒවා ග්‍රාමනිලධාරී හෝ වෙනත් නිලධාරියකු හෝ සහතික කිරීම අවශ්‍ය නොවන බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටී.