ශ්‍රි ලංකා ඉන්වෙස්ට් ෆෝරම් ආයෝජන සමුළුවේදී විවිධ කේෂ්ත්‍රයන්ට අයත් ආයෝජකයින් 1883 කට වැඩි පිරිස් මෙරට ආයෝජනය සදහා අවධානය යොමු කර ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.
සම්පූර්ණ මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය යටතේ පවත්වන ශ්‍රි ලංකා ඉන්වෙස්ට් ෆෝරම් - 2021 ආයෝජන සමුළුව මේ වන විට අති සාර්ථකව පැවැත් වෙනවා.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පැවසුවේ එය ආසියාවේ මාර්ග ගත ක්‍රමය යටතේ පැවැත්වන විශාලතම ආයෝජන සමුළුව බවයි.
මෙවැනි සමුළුවක් තුළින් මෙරට ආයෝජන කේෂ්ත්‍රයේ කෙටි කාලින හා දීගුකාලීන ආර්ථික ජයග්‍රහනයන් අත් කර ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු කියාසිටියා.
මෙම සමුළුවේ සම්පූර්ණ කාලයෙන් අඩක් ගතවන විටත් රටවල් 80 කට අධික සහභාගිත්වයක් ලබා දී ඇති අතර විවිධ කේෂ්ත්‍රයන්ට අයත් ආයෝජකයින් 1883 කට වැඩි පිරිසකගේ අවධානය ශ්‍රී ලංකාව තුල ආයෝජනය සදහා යොමු වී ඇතැයිද එම මණ්ඩලය සදහන් කරනවා.