Header Ads

උණුසුම් පුවත්

දැරියක් මුදලට විකිණූ පුද්ගලයෙක් කොටුවේ

 


අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් මුදලට විකිණූ පුද්ගලයෙක් ගල්කිස්ස මූලස්ථාන පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක නිවසක් කුලියට ගෙන මෙම දැරිය එහි රඳවාගෙන සිටි බව පොලිසිය පවසනවා. මෙම දැරියගේ ඡායාරූප සහිත දැන්වීම් අන්තර්ජාලයේ පළකර ඒ ඔස්සේ ඇනවුම් කරන පුද්ගලයන්ට දැරිය අලෙවිකර තිබෙනවා. 

දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය ලබාගෙන ඇත්තේ ඇයගේ මවගෙන් බව මෙම සැකකරු පොලීසියට පවසා තිබෙනවා.ඒ අනුව එම මවගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බව ගල්කිස්ස පොලිසිය කටයුතු කර ඇත.