Header Ads

උණුසුම් පුවත්

චමුදිතට එරෙහිව චන්දිමාල් - පියුමි ගෙන් පැමිණිලි


නිරෝධායන නීති උල්ලංගනය කරමින්, ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයට සහභාගී වුණු ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සහ, නිරූපිකා පියුමි හංසමාලි මහත්මිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව නීතිමගින් ක්‍රියා කිරීමට පියවර ගෙන ඇතිබව වාර්තාවේ.

චන්දිමාල් ජයසිංහ මහතාගේ  නීතීඥවරුන් පවසා ඇත්තේ ඔවුන් දෙදෙනාට අමතරව රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටින සෙසු 14 දෙනාද මෙයට එක්වන බවයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා උසාවියට අපහාස කළ බවත්, පසුගියදා 'යූ ටියුබ්' වැඩසටහනකට මුහුණු ආවරණයක් නොපැලඳ සහභාගී වී නිරෝධායන නීති කඩ කළ බවත් නීතීඥවරු පෙන්වා දෙනවා.

නීතීඥවරු කොටුව පොලිසියට සහ රහස් පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.ඊට අමතරව, ඒ බව ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාවෙත ලිඛිතව දන්වා යැවූ බව ද වාර්තා වේ.

(ජමිලා හුසේන් ඩේලි මිරර්)