Header Ads

උණුසුම් පුවත්

සමස්ත ගොවි ජනතාව දැඩි ලෙස පීඩාවට - සජිත් ප්‍රේමදාස


ආණ්ඩුව හිතුවක්කාරී ලෙස ඉතා කඩිමුඩියේ රසායනික පොහොර තහනම් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් රටේම සමස්ත ගොවි ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මේ හරහා ඉදිරි අනාගතයේදී සාගතයක් ඇතිවීම නොවැළැක්විය නොහැකි බවයි.

මේ හේතුවෙන්  සමස්ත ගොවි ජනතාවට අත්විදින්නට සිදුව ඇති මරු පහරෙහි ප්‍රතිපල නුදුරේදීම වත්මන් ආණ්ඩුවට අත්විදින්නට සිදු වනු ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

එම නිවේදනය මෙසේය.