එංගලන්ත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින් 24ක ගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (08) නිල වශයෙන් නම් කර නම් කර තිබෙනවා.
මෙම එංගලන්ත තරග සංචාරයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 20යි 20 තරග තුනක් සහ එක්දින තරග තුනක් පැවැත් පැවැත්වෙනවා.
20යි 20 සහ එක්දින කණ්ඩායම් දෙකේම නායකත්වය දරන්නේ කුසල් ජනිත් පෙරේරා යි.
මෙතෙක් ජාත්‍යන්තර තරගවලට සහභාගී වී නොමැති චරිත් අසලංක ධනංජය ලක්ෂාන් සහ ඉෂාන් ජයරත්න ද මෙම සංචිතයට ඇතුළත් වී තිබෙනවා. කුසල් ජනිත් පෙරේරා , කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක , පැතුම් නිස්සංක, අවිශ්ක ෆනෑන්ඩො, නිරෝශන් දික්වැල්ල , ඕෂද ෆනෑන්ඩො , වනිඳු හසරංග, රමේශ් මෙන්ඩිස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා,ඉසුරු උදාන ,අකිල ධනංජය ,ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර,අසිත ෆනෑන්ඩො , බිනුර ෆනෑන්ඩො ,චාමික කරුණාරත්න , ෂිරාන් ෆනෑන්ඩො සහ ප්‍රවීන්
ජයවික්‍රම යන ක්‍රීඩකයන් මෙවර එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගාවලි සඳහා සහභාගිවීමට නියමිතයි.
එළඹෙන එංගලන්ත සංචාරය වෙනුවෙන් තරගකරුවන් අද උදෑසන එංගලන්තය බලා පිටත්ව ඇති බව වාර්තා වනවා.
එංගලන්ත තරග සංචාරය, ශ්‍රී ලංකාව කණ්ඩායම, ක්‍රීඩකයින් 24ක ගෙන් යුත් සංචිතය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය, එංගලන්තය සහ ශ්‍රී ලංකාව, කුසල් ජනිත් පෙරේරා , කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක , පැතුම් නිස්සංක, අවිශ්ක ෆනෑන්ඩො, නිරෝශන් දික්වැල්ල