Header Ads

උණුසුම් පුවත්

දියතලාව රෝහලට රු. ලක්ෂ 65ක පී.සී.ආර්. යන්ත්‍රයක්

ඉන්දියානු නිරු ඩයමන්ඩ් කටර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සංජය බේඩ් මහතා විසින් රුපියල් ලක්ෂ 65ක් වටිනා පී.සී.ආර්. යන්ත්‍රයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමා තිබෙනවා .

ඉන්දියානු නිරු ඩයමන්ඩ් කටර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සංජය බේඩ් මහතා විසින් රුපියල් ලක්ෂ 65ක් වටිනා පී.සී.ආර්. යන්ත්‍රයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමා තිබෙනවා.

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහය වීම සඳහා මෙම පරිත්‍යාගය කර තිබෙනවා.

ලංකා කම්කරු ක්‍රොංගසයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා ය මෙම කටයුතු සම්බන්ධීකරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශ නිර්දේශ අනුව අදාළ පී.සී.ආර්. යන්ත්‍රය දියතලාව රෝහලට ලබා දීමට කටයුතු කර ඇත.