Header Ads

උණුසුම් පුවත්

සංචරණ සීමා තවදුරටත් දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි


දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් එම සංගමය කියා සිටින්නේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට ඉකුත් කාලයට සාපේක්ෂව සියයට 12 කින් වර්ධනය වී ඇති බවයි.

එසේම කොරෝනා මරණ සංඛ්‍යාව සියයට 28කින් වර්ධනය වී ඇතැයි එම සංගමය ජනාධිපතිවරයාට යොමුකල  ලිපියේ දක්වා ඇත.