පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ කිසිම සූදානමක් නැතැයි අපේ ජනබල පක්ෂයේ පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසයි.
උන්වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවට සමාජජාලා මාධ්‍යවල පළවන පුවත සම්බන්ධයෙන් රතන හිමියෝ වැඩිදුරටත් මෙසේ කීය.
‘‘මා පාර්ලිමේ න්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බවට පළවන පුවත සම්පූර්ණයෙන් ම අසත්‍යයි. එසේ මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බවට කිසිම එකඟතාවක් කිසිවකු සමග ඇති කරගෙන නැහැ.
සම්පූර්ණ කාලසීමාව මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සේ කටයුතු කරනවා.
මේ මන්ත්‍රී ධුරය පිළිබඳ පුවත සම්බන්ධයෙන් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මෙසේ පැවසනවා.
‘‘ජුනි 5 වැනිදාට රතන හිමියන්ගේ කාලය ඉවරයි. අපි බලනවා උන්වහන්සේ මොනවද කරන්නේ කියලා. එකඟතාව අනුව උන්වහන්සේ ඉවත් වෙන්න ඕනෑ.