Header Ads

උණුසුම් පුවත්

'ස්පුට්නික් V' එන්නත් මාත්‍රා 65,000ක් ශ්‍රී ලංකාවට

රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' එන්නත් මාත්‍රා 65,000ක්  අද(11) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා.

ඒ අතර ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව 15,000ක් ද අන්තර් ගත වන බවද  ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවා.
 
මෙම  දෙවන මාත්‍රා ප්‍රමාණය  මීට පෙර පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින්ට ලබාදෙන බවත්  ඉතිරි එන්නත් 50,000 මහනුවර ප්‍රදේශයේ ජනතාවට ලබාදෙන බවත්  රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.