අදාල සිදුවීමේදී ඔවුන් සිදුකළ විශිෂ්ඨ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සමුද්‍ර ප්‍රහාරී’, ‘වජ්රා’ සහ ‘වෙබාව්’ යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් සේවය ඇගයීමේ ලිපි ප්‍රදානය කිරීම අද (10) කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු කලා.
MV X-PRESS PEARL නෞකාවේ ඇතිවූ ආපදා තත්වය කළමනාකරණය කරගැනීම සඳහා සහය වන ලෙස නාවික හමුදාපති විසින් ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලීමක් සිදුකලා.
ඒ අනුව් එයට වහාම ප්‍රතිචාර දක්වමින්, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘වෙබාව්’ සහ ‘වජ්රා’ නෞකාවන් මැයි 25 සහ 26 දිනයන්හිදී මෙහෙයුමට සම්බන්ධ විය.
එසේම සාගර පරිසර හානි වැළැක්වීමේ හා ගිනි නිවීමේ හැකියාවෙන් සමන්විත ‘සමුද්‍ර ප්‍රහාරී’ නෞකාව මැයි 29 දින ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට පැමිණ MV X-PRESS PEARL නෞකාවේ ඇතිවූ ආපදා තත්වය පාලනය කිරීමේ මෙහෙයුම සඳහා අනෙකුත් පාර්ශවයන් හා එක්ව දායක විය.