Header Ads

උණුසුම් පුවත්

ගෑස් සිලින්ඩර ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්


කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලෙවිසැල් තුළ විකිණීමට තිබිය යුතු බව සදහන් අති විශේෂ ගැසට් පත්‍රයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර තම සන්තකයෙහි හෝ භාරයේ හෝ තම පාලනය යටතේ ඇති කිසිම වෙළන්ඳෙකු විසින් ඒවා  විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රාකාරයෙන් පාරිභෝගීකයින්ට බලපෑම් නොකළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.