ස්පුට්නික් V රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර ගැනීමට දක්වන සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රුසියානු රජයට ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව පළ කල තිබෙනවා.
විදේශ අමාත්‍යාංශය කියා සිටියේ රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා සමඟ පැවැති දුරකථන සංවාදයක් අතරතුරදී අමාත්‍යවරයා මෙලෙස ස්තූතිය පළ කළ බවයි.
එසේම, ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධනය සදහා රුසියාවෙන් ලබා දෙන සහයෝගයද අමාත්‍යවරයා මෙහිදී බෙහෙවින් අගය කර තිබෙනවා
තවද, විදේශ අමාත්‍යාංශ අතර ද්විපාර්ශ්වික උපදේශන මෙන්ම වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිෂන් සභාව පිළිබඳව ද අමාත්‍යවරු දෙපළ මෙහිදී අදහස් හුවමාරු හුවමාරු කරගත් බව සදහන්.