වත්මන් රජය මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු ඉටුකරගත් නොහැකිව ජනතාව බිල්ලට දී ඇතැයි සමගි ජන බලවේගය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා කියා සිටියේ සතියක් මුළුමනින්ම රටවසා ජනතාව ආරක්ෂා කරගැනීමට තරම් රටේ ආර්ථික ශක්තිමත් නොමැති බවයි.
කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
සංචරණ සීමා පැනවුවද ජනතාව එක්වීම අඩුවී නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා පුද්ගලික අංශයේ විශාල පිරිසක් සේවයට පැමිණෙන බවද කියා සිටියා.
මෙරට පොදු ප්‍රවාහනය සේවා පමනක් ක්‍රියාත්මක නොවනබවත් ජනතාව මහමග මියගියද රජයට ඒගැන තැකීමක් නොවන බවත් ශේෂා විතාරණ මහතා පැවසුවා.
රජයේ එකම අරමුණ අර්ථික කඩා වැටිලා යන අවමානයෙන් බේරීම බවයි ඔහු කියා සිටියේ
ඔහු කියාසිටියේ පෙරට වඩා සියයට 12 කින් අසාදිතයන් සහ සියයට 28කින් මරණ ප්‍රතිශතය ඉහල ගොස් ඇති බවයි.