එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් මේ වන විටද නඩු 02ක් පැවරීමට කටයුතු කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.
ඇමතිවරයා කියාසිටියේ අධිකරණ අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඒ පිලිබදව දැනුම් දි ඇති බවයි. පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. අමරවීර මහතා කියා සිටියේ නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් සම්බන්ධව වරායට හෝ හාබර් මාස්ටර්වරයාට දැනුම්දී නැති බවට වාර්තා වන බවයි. ඊට නෞකාවේ කපිතාන්වරයා මෙන්ම නැව් සමාගමේ ශ්‍රී ලංකාවේ ඒජන්තවරයාද වගකිවයුතු බවද ඔහු පැවසුවා.
එසේම වී.ඩී.ආර්. උපකරණය මගින් වගකිවයුතු තවත් පුද්ගලයන් හෙළිදරව් කර ගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා. එසේම එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලීයාම නිසා සිදුව ඇති විනාශයට වන්දි ලබාගන්නවා සේම ඊට වගකිවයුතු සියලු දෙනා හඳුනාගෙන දඬුවම් කළ යුතු බවද ඔහු පැවසුවා.