Header Ads

උණුසුම් පුවත්

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල විවෘතවේ.


දකුණු ආසියාවේ ඉදිකළ විශාලතම වකුගඩු රෝහල ලෙස සැලකෙන "චීන - ශ්රී ලංකා මිත්රත්ව ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂිත රෝහල"  පොළොන්නරුවේ දී විවෘත කෙරුනා

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම රෝහල ඉදිකර ඇත්තේ චීන පරිත්‍යාගයක් ලෙසිනි.

2015 වසරේදී චීන සංචාරය කළ අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිටිසේන මහතා  කළ ඉල්ලීමකට අනුව චීන රජය එම පරිත්‍යාගය කර තිබුනා

රුපියල් කෝටි 1200 ක වියදමින් ඉදිකර ඇති මෙම රෝහලෙහි ඇඳන් 200කින් හා රුධිර කාන්දුකරන ඇඳන් 100ක් අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5ක් හා දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත වනවා

එසේම නවීන තාක්ෂණයෙන් යුත් බාහිර හා නේවාසික ප්‍රතිකාර ඒකක සහිතව ඉදිකර ඇති  මෙම රෝහලේ කාර්ය මණ්ඩලයට සදහාද අංග සම්පූර්ණ නේවාසික පහසුකම්වලින් සමන්විතයි.