එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන බවට මැතිවරණ කොමිසමට අද (16) දැනුම් දුන් බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ ඒකමතික තීරණය වූයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන නියෝජනය කළ යුතුය යන්න බව යන්නයි.
එලබෙන සතියේදී එජාප නායකයා පාර්ලිමේන්තුවට යාමට නියමිතව ඇති බවද මහලේකම්වරයා සඳහන් කළා.
අද මැතිවරණ කොමිසමට අදාළ ලිපි භාරදීමට පැමිණි අවස්ථාවේ ඒ මහතා මෙසේ සඳහන් කලා.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 60 දෙනෙක් පමණ ඉදිරි දින කිහිපයේදී වික්‍රමසිංහ මහතා සමඟ එක්වන බවද ඔහු පැවසීය.




