සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියාසිටියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ ඖෂධ හෝ නිවෙස්වලට බෙදාහැරීම සඳහා මෙතෙක් නිසි ක්‍රමවේදයක් රටපුරාම ක්‍රියාත්මක නොවූ බව ද එහෙත් මත්පැන් අලෙවිය සඳහා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ඉක්මන් පියවර ගැනීම ලජ්ජාසහගත බවයි.
මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 63 දෙනකු පමණ මියයන අතර කොරෝනා ආසාදිතව ද මේ වන විට දිනකට පුද්ගලයන් 60ක් පමණ මිය යන බව ද ඔහු කියා සිටියා.
මත්පැන් අලෙවියෙන් මාස්පතා රජයට රුපියල් කෝටි එක්දහස් පන්සියයක ආදායමක් ලැබුණත් මත්පැන් බී රෝගී වන අයගේ ප්‍රතිකාර සඳහා රුපියල් කෝටි හාරදහස් පන්සියයක් පමණ මාසිකව වියදම් කිරීමට වන බව ද සෞඛ්‍ය සංවිධාන වාර්තා අනුව මත්වතුර පානය කිරීමෙන් රෝගීන් වන අයගෙන් දිනපතා මිය යන පිරිස 63 දෙනකු පමණ වන බවත් බීමත්ව රෝගී වී වසරකට මියයන පිරිස 23,000ක් පමණ වන බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළා.
මත්පැන්වලින් සිරුරේ ප්‍රතිශක්තිය හීන කරන බවද මෙවැනි බරපතළ ව්‍යසනයක් හමුවේ හරි නම් අප කළ යුත්තේ ප්‍රතිශක්තිය වර්ධනය වන ආහාර ගැනීම යැයිද ඒ මහතා පැවසුවා.




