පසුගියදා ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ සභාපතිවරයා ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
ඊයේ (16) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් සී. කොන්සෝටියම් ලංකා සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙසේ ඇප නියම කළේය.
ඊයේ පෙරවරුවේ එම සභාපති වරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවට ඉදිරිපත් කරන ලදි.
සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කරන ලදි.
මේ නියෝගය ආගමන විගමන පාලකවරයා මෙන්ම ගුවන් තොටුපොළ හා සියලු වරාය වෙත ද දැනුම් දෙන ලෙස වැඩිදුරටත් නියෝග කළේය.
සැකකරුට නව විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමෙන් වළකින ලෙසද මෙහිදී විනිසුරුවරයා විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝග කරනු ලැබ තිබේ.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




