සංචරණ සීමා ලබන 21වැනිදා ඉවත් කිරීමට නියමිත හෙයින් ඊට ප්‍රථම කොවිඩ් වයිරසය සමාජයේ කොතරම් දුරට පැතිර ඇද්දැයි සෙවීම සඳහා රටපුරා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මාලාවක් ආරම්භ කර තිබෙනවා.
දිනපතා සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කරන ලෙසට දිවයින පුරා සිටින ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවා.
මේ පරීක්ෂණ මාලාවෙන් රටේ කොවිඩ් ව්‍යාප්තිය ගැන මේ සති අන්තය වනවිට යම් අදහසක් ලබා ගත හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළා
මෙමගින් රට කඩිනමින් විවෘත කිරීමට ඇති හැකියාව දැනගත හැකි වනු ඇතැයි ද දෛනිකව සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ද ඒ ආකාරයෙන් සිදුවන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා




