ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි පහළොස් දහසකට වැඩි මුදලක් රජයේ ආයතන තුනක් ණයවී සිටින බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන තුනක් මෙයට ඇතුලත්.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වැඩිම මුදලක් ණය වී සිටින්නේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වන අතර එම මුදල රුපියල් කෝටි අට දහස් දෙසීයක්.
මෙයට අමතරව ශ්‍රී ලංකන් එයාර් ආයතනය රුපියල් කෝටි පන් දහස් හත් සියයක මුදලක් ද ස්වාධීන විදුලි නිෂ්පාදකයන් රුපියල් කෝටි එක් දහස් දෙසීයක මුදලක්ද ණය වී සිටින බව සභාපති වරයා සඳහන් කළා.
මේ ආයතන තුනෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අය විය යුතු මුළු මුදල රුපියල් කෝටි පහළොස් දහස් එක සියයක්.
සුමිත් විජේසිංහ මහතා කියා සිටියේ මේ හිඟ මුදල් පියවීම සඳහා සහන කාල සීමා ලබා දී ඇතිබවත් නියමිත පරිදි ඒ කටයුතු සිදුනොවීම නිසා හිඟ මුදල් මෙලෙස විශාල වශයෙන් එකතු වන බවත්ය.
හිඟ මුදල් කඩිනමින් ගෙවන ලෙස මේ ආයතනවලට සිහි කැඳවීම් ගණනාවක්ම කර ඇති බවත් ඔහු පැවසුවා.
විදුලිබල මණ්ඩලය 2019 වසරේ මාර්තු මාසයේ ලබාගත් ඉන්ධන වෙනුවෙන් පවා අදාල හිඟ මුදල් ගෙවා නැති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා.




