අන්තර් ජාලය ඔස්සේ ඇණවුම් කරන්නන්ට මත්පැන් අලෙවි කිරීමේ ක්‍රමවේදය අද (17) සිට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසනවා
ඔන්ලයින් හරහා ඇණවුම්කරන්නන්ට මත්පැන් අලෙවි කිරීම දැඩි කොන්දේසි 13ක් යටතේ සිදුකරන බව ඔහු සඳහන් කලා.
ඒ අනුව එක් පුද්ගලයකුට ඇණවුම් කළ හැකි උපරිමය විදේශ මත්පැන් ලීටර් 12ක්, බියර් ලීටර් 12ක් සහ දේශීය නිෂ්පාදිත මත්පැන් ලීටර් 5ක් ලෙස සීමාකර තිබෙන බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා
ඔහු පැවසුවේ අන්තර් ජාලය ඔස්සේ ඇණවුම් කරන්නන්ට මැත්පැන් අලෙවි කිරීමේ ක්‍රමවේදය සදහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ බවත් කොවිඩ් - 19 වයිරස පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය ලැබීමට නියමිත බවයි.
අනුමැතිය ලැබුණු පසු එය ක්‍රියත්මක කල හැකි බවද එම්.ජේ. ගුණසිරි මහතා වැඩිදුරටත් කියා සිටියා
.




