රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන මහත්වරු ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාරව ඇප මත මුදා හරින ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු එස්.වයි. මාපා බණ්ඩාර මහතා අද (17) නියෝග කිරීම සමගයි.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුලු සැකකරුවන් සම්බන්ධයෙන් වූ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළ බවට වූ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මාස 11ක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියා
ඒ අනුව අභියාචනාධිකරණයෙන් පනවන ලද ඇප කොන්දේසි ප්‍රකාරව එක් අයකුට රුපියල් 25,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් දෙදෙනා මුදා හැරීමට ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා එලෙස නියම කළා
ඇප කොන්දේසි වශයෙන් මුදල් සහ ශරීර ඇපයන්ට අමතරව විදෙස් ගමන්ද තහනම් කර තිබෙනවා
සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර ද ගම්පහ මහාධිකරණය භාරයට ගෙන ඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




