ආනයනය කරනු ලබන සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් ඉල්ලීම් සිදුකර ඇති බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා
අමාත්‍යවරයා කියා සිටියේ සියලූම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කිරීමට ඉල්ලීම් කර ඇති බවයි
මුළු ලෝකෙම සැපයුම් ජාල සහ නිෂ්පාදන ක්‍රියාවලිය අඩාලවිම ඊට හේතුව බවද ඔහු කියා සිටියා.
ඇමතිවරයා පැවසුවේ නැව් ගාස්තු ඉතා විශාල ලෙස වැඩිවී ඇතිබවත් . කන්ටේනර් ගාස්තු 300%කින් වැඩිවී ඇති බවයි
ලොව පුරා ආහාර නිෂ්පාදන අර්බුදයක් පවතිනබවත් මේ හේතුවෙන් මිල අඩු කළහැකි භාණ්ඩවල මිල, නිෂ්පාදකයින් සමග සාකච්ඡා කර අඩු කිරීමට රජය කටයුතු කර ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා කියාසිටියා
පෙරවරුවේ සතොස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා .




