බලශක්ති අමාත්‍යවරයා ලෙස තමන්ට එරෙහිව විපක්ෂ මන්ත්‍රිවරුන් අත්සන් කළ විශ්වාසභංග යෝජනාවේ සියලු කරුණු පදනම් විරහිත බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පොඩ් එකාගේ ලියුම වගේ වැරදි ගොන්නක් තිබෙන ලියවිල්ලක් බවයි.
තෙල් මිල වැඩිකළ හැක්කේ මුදල් ඇමතිවරයාගේ එකඟතාවය ලබා ගැනීමෙන් බවත් ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් අවශ්‍ය නැති බවත් අමාත්‍යවරයා කියා සිටියා.
තමන් ඇමති ධූරයට පත්වූයේ 2020 අගෝස්තු මාසයේ බවත් චෝදනාවේ සඳහන් වෙන ආකාරයට 2020 ජනවාරි නොවන බවත් ඔහු පැවසුවා.
මේ සදහා අත්සන් කළ මන්ත්‍රීවරු නීති ගැන තමන් කිසිවක් නොදන්නා බව රටට ප්‍රදර්ශනය කර ඇති බවද ඇමතිවරයා කියා සිටියා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




