බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවසූවේ දැනට හුදකලා කර ඇති සියඹලාපේවත්ත සහ යටිහේන ප්‍රදේශ වල සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ වලින් පුද්ගලයින් 73 දෙදෙනකු කොවිඩිි 19 ආසාදිතයින් ලෙස අද (25) තහවුරු වී ඇති බවයි.
මේ සදහා සමාජයෙන් තෝරාගත් පුද්ගලයින් 524 දෙනෙකු යොදා ඉකුත් (22) දා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කල අතර එයින් ආසාදිත පුද්ගලයින් 73 ක් වාර්තා වී ඇත. යටිහේන ග්‍රාම නිලධාරී වසමෙන් පුද්ගලයි 39 දෙනෙකුද සියඹලාපේවත්ත වසමින් පුද්ගලයින් 14 දෙනෙකුද කොවිඩිි ආසාදිතයින් ලෙස තහවුරු වු බව සමන් පෙරේරා මහතා පැවසීය
සියඹලාපේවත්ත ග්‍රාමයේ කොවිඩිි 19 ආසාදිත අවුරුදු 60 ට වැඩි පුද්ගල මරණ 04 ක් හා යටිහේන ප්‍රදේශයෙන් ආසාදිත මරණ 02 ක්ද පසුගිය දිනවල වාර්තා වී ඇත. අද (25) කොවිඩිි 19 ආසාදිතව අවුරුදු 60 ට වැඩි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්ව ඇති අතර ඇය බියගම පටිිටිවිල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවද සමන් පෙරේරා මහතා පැවසීය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




